ජනාධිපතිගේ දත්ත පිළිගන්න බෑ, අසරණ ජනතාවට ලැබුණු දෙයක් නෑ – විපක්ෂ නායක

Date:

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව අතුරු අයවැය ලේඛනය හරහා ඉදිරිපත් කළ දත්ත පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන ගැබිනි මව්වරුන් පිළිබඳව ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන පිළිබඳව අයවැය සකස් කිරීමේදී අවධානය යොමුව නොමැති බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

රටේ ජනතාවගෙන් බහුතරයක් පීඩාවට පත්ව, අසරණභාවයට පත්ව සිටින වකවානුවක ඔවුන් වෙනුවෙන් ප්‍රමාණවත් සහන ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද එම අපේක්ෂාව බොඳ වී ඇති බවත්, ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණළුත් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...