ලංකාවෙ තත්වයට වැටෙන්න දෙන්නෙ නෑ – බංග්ලාදේශ අගමැතිනිය එරට ජනතාවට සහතික වෙයි

Date:

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින අවාසනාවන්ත තත්වයට තම රට වැටීමට ඉඩ නොතබන බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය පවසනවා. සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් බංග්ලාදේශය ඉදිරියටම යන බවයි අගමැතිනිය අවධාරණය කරන්නේ.

බංග්ලාදේශ ජාතික පක්ෂ පාලනය තුළදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව වැනි තත්වයකට වැටීමේ අවදානමක් තිබූ නමුත් අවාමි ලීගය ප්‍රමුඛ රජයක් තුළදී එවැනි අවාසනාවන්ත තත්වයක් කිසිවිටෙකත් ඇති නොවන බව ඇය සඳහන් කරනවා.

බංග්ලාදේශයේ ජාතියේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මන්ගේ 47 වැනි සංවත්සරය නිමිත්තෙන් බංගබන්දු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ උත්සවයක් අමතමින් බංග්ලාදේශ අගමැතිනිය මෙම කරුණු සඳහන් කර තිබේ.

මෑත කාලය තුළ ලොව අසාර්ථකම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර බොහෝ රාජ්‍ය නායකයන්, අසාර්ථක රාජ්‍යයන් සඳහා උදාහරණ ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට පටන් ගෙන තිබේ. මීට පෙර පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාද ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයට පකිස්තානයද පත්වීම වළක්වා ගැනීම තම අභිප්‍රාය බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...