Home පුවත් අධිවේගී මාර්ග භාවිතා කරන්නන් වෙත පොලීසියෙන් උපදෙස්!

අධිවේගී මාර්ග භාවිතා කරන්නන් වෙත පොලීසියෙන් උපදෙස්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අධිවේගී මාර්ගවල අධික වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

CCTV කැමරා භාවිතයෙන් එවැනි වාහන හඳුනා ගැනීමට පියවර ගෙන ඇති අතර අධිවේගී මාර්ග පිවිසුම් අසල පොලිස් නිලධාරීන් ද යොදවා තිබේ.

උත්සව සමයේදී ජනතාව තම ගම්බිම් බලා යන බැවින් රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද දැනට ක්‍රියාත්මක අතර අනතුරුදායක ලෙස රිය පදවන පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ.

මේ අතර, රථවාහන උල්ලංඝනය කිරීම් පිළිබඳ වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීම සඳහා හදුන්වා දී ඇති 070 4755600 යන WhatsApp අංකය වෙත දර්ශන යොමුකළ හැකියි.