රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන හර්ෂ දුන්න රස කතාව!

Date:

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වැනි යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (31) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

ඔහු දැන් පොහොට්ටුවේ හිරකරුවෙක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීතුමා අද මට කිව්වා ඒ පැත්තේ අද පාන් රාත්තල රු.300 කිට්ටු කරලා කියල. අපි මේ ළඟදී බණ්ඩාරනායකපුර 1500කට කන්න දුන්නා. අපි බිත්තරයක් දුන්නා. ඔවුන් අතිශයින්ම සන්තෝෂ වුණා. මොකද බිත්තරයක් රු.60යි.අවුරුදු 30ක් 40ක් වැඩකරලා ඉතුරු කරගත්ත දේට මොකක්ද වුණේ ගරු කථානායකතුමනි.19 සිට 22 වෙනකම් බලන්න ඕනේ නැහැ .එච්චර දුර බැලුවොත් ඔබතුමාටත් කලන්තේ දායි.21අගෝස්තු සිට 22 අගෝස්තු වෙනකම් බලන්න මොකක්ද වුණේ කියල. රු.ලක්ෂයක් කවුරුහරි ඉතුරු කරලා තිබුණ නම් මේ අවුරුද්ද තුළ ඒ රු.ලක්ෂයේ වටිනාකම රු.තිස්දාහට අඩුවෙලා. අඩුකරලා. ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා හොරකම් කරලා කිව්වොත් ඒක වැරදි නැහැ ගරු කථානායකතුමනි. ඒක තමයි ඇත්ත කතාව. අපේ රට අද තිබෙන්නේ මර උගුලක් ළඟ. බිත්තියට හේත්තුවෙලා.බෙල්ල හිරවෙලා. මේ රටේ මිනිස්සුන්ට ඉවසන්නම බැරි නිසා තමයි අරගලය පටන් ගත්තේ. මිලියන ගාණක් පාරට බැස්සා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාව එළවලා දැම්මා. අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස් වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව එළවලා දැම්මා. අද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැහැ. හෝටල් කාමරයක හිරවෙලා ඉන්නවා කියල තමයි අපිට ආරංචි වෙන්නේ.

පොහොට්ටුවයි රාජපක්ෂලයි එකතු වෙලා රට විනාශ කළා. අද ඒක කියන්න මිනිස්සු බයත් නැහැ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ. පොහොට්ටුවටයි රාජපක්ෂ කල්ලියටයි එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ලෙස පත්කරගෙන.අපි දශක ගණනාවක් තිස්සේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති හරහා රට වැනසුවා කියල පිළිගන්න ඔය කණ්ඩායම දැන් එකඟ වෙයිද? කථානායකතුමනි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජන මතයක් නැහැ. එතුමා එක්ක පුද්ගලික කිසිම ගැටළුවක් නැහැ. පොහොට්ටුවේ හිරකාරයෙක් වෙච්ච ජනාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ කියල තමයි මට නම් දැනෙන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...