මේක එකඟතාවයක් විතරයි, ගිවිසුම්ගත වෙන්න කලින් කරන්න වැඩ ගොඩක් තියනවා !

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බව ආර්ථික විශ්ලේෂක ඩබ්.ඒ්. විජේවර්ධන මහතා පවසනවා. සිදුව තිබෙන්නේ මූලික එකඟතාවයකට එළඹීමක් පමණක් බවයි විජේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

විස්තීරණ අරමුදල් පහසුකම සහ වේගවත් මූල පහසුකම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට යාමට පෙර අවස්ථාවක් දක්වා පැමිණ ඇති බවත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් සඳහා තවත් දිගු ගමනක් තිබෙන බවත් පෙන්වා දෙන විජේවර්ධන මහතා පවසන්නේ ඒ සඳහා තවත් අවසන් කළයුතු කාර්යයන් රැසක් තිබෙන බවයි.

හදිසි ණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බළධාරීන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර එකඟතාවයකට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කර තිබිණි. මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් ඔවුන් මෙම පුවත පළ කළේය.

රොයිටර් වාර්තාවෙන් පසුව, මෙරට සිටින IMF නිෙයා්ජිතයන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් සාකච්ඡා පැවැත්වෙන බවයි. ඒ අනුව තමන් කොළඹ රැඳී සිටින කාලසීමාව තවත් දිනකින් දීර්ඝ වන බවත්, එම මෙහෙයුම අවසන් කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවත් එම නියෝජිතයන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මුල්‍ය අරමුදල මේ දක්වා රොයිටර් පුවත තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නොමැති බවත්, එනිසා රොයිටර් පුවත සත්‍යදැයි තීරණය කළ නොහැකි බවත් විජේවර්ධන මහතා සඳහන් කරනවා. මෙය කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් නොවන බව හා තවදුරටත් උපදේශන පැවැත්විය යුතු බව පමණක් දැනට ප්‍රකාශ කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...