රෂිකා හෙන්නායක අප්‍රේල් 19, කොළඹ LNW :
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන ගණකාධිවරයෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
රෝහලේ රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන්, ඔහුට හිමිවිය යුතු මුදල් චෙක්පතක් නිදහස් කිරීම වෙනුවෙන් මෙම සැකකරුවන් මුදල් ඉල්ලා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ රුපියල් තිස්දහසක මුදලක් ලබාගන්නා අවස්ථාවේදීය.
ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



