විදේශීය තානාපතිවරු හය දෙනෙක් ජනපති අනුරට අක්තපත්‍ර භාර දෙති..

රෂිකා හෙන්නායක අප්‍රේල් 20, කොළඹ LNW :

අද (20) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතා වෙත මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු, තානාපතිවරුන් තිදෙනෙකු සහ ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයෙකු සිය අක්තපත්‍ර ප්‍රදානය කළහ.

ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව, පැපුවා නිව්ගිනියාව, සෝමාලියාව, ලක්සම්බර්ග්, ශුද්ධාසනය, පකිස්ථානය සහ කුවේට් නියෝජනය කරන තානාපතිවරුන් අක්තපත්‍ර භාර දුන්හ.

 එහිදී..

1.    පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතා (නවදිල්ලියේ නේවාසික)

2.    සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa මහතා (නවදිල්ලියේ නේවාසික)


3.    ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස  Christian Biever මහතා (නවදිල්ලියේ නේවාසික)

4.    වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා

5.    පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer මහතා

6.    කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මහතා

මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...