සති 02 කට පත්කළ කැබිනෙට්ටුව දිගටම – රාජ්‍ය ඇමති පත් කිරීමත් කල් යයි !

වත්මන් කැබිනට් ඇමති මණ්ඩලය දිවුරුම් දෙද්දී එය සති දෙකකට පමණක් සීමා වන තාවකාලික කැබිනෙට්ටුවක් ලෙස තීරණය කර තිබිණි. ඊට හේතු වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ පාර්ශ්ව කිහිපයක සහභාගීත්වය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීමයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අසමත් වූ ජනාධිපතිවරයා විපක්ෂයේ පිරිසක් සම්බන්ධ කර ගනිමින් හෝ බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උත්සාහ දැරූ නමුත් මේ දක්වා එම උත්සාහය සාර්ථක වී නොමැත.

ඒ අනුව තාවකාලිකව දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය තවදුරටත් පවත්වාගෙන යාමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ. එම තීරණයේ සිටිමින් විපක්ෂ කණ්ඩායමක් ආණ්ඩු පාර්ශ්වය වෙත ගලවා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටී.

මේ අතර පොදුජන පෙරමුණේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම දිගින් දිගටම ඉල්ලා සිටියේ තවත් පිරිසකට කැබිනට් හා රාජ්‍ය ඇමති ධුර ලබාදෙන ලෙසයි. එසේ නොමැති වුවහොත් අයවැය සඳහා පක්ෂ වීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලීමට සිදුවන බවද හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් දන්වා තිබෙනවා.

අතුරු අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙන අතර ඊට පෙර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට රාජ්‍ය ඇමති ධුර ලබාදීම සඳහා ජනාධිපතිවරයා එකඟ වී තිබිණි. කෙසේ නමුත් මේ දක්වා අදාල දිවුරුම් දීම සිදුවන බවක් දක්නට නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...