රෂිකා හෙන්නායක අප්‍රේල් 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 පාපන්දු ලෝක කුසලානය සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් FIFA ආයතනය ගෙන ඇති නව තීරණ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සියලුම තරග සඳහා නව ප්‍රවේශ පත්‍ර කාණ්ඩයක් නිකුත් කර ඇති අතර, එහි මිල ගණන් ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අප්‍රසාදයක් එල්ල වී තිබේ.
පෙර පැවති ප්‍රවේශ පත්‍රවල මිලට වඩා නව මිල ගණන් සැළකිය යුතු ලෙස වැඩි වී ඇති අතර, ප්‍රධාන තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර අලෙවිය බලාපොරොත්තු වූ මට්ටමට වඩා පසුගාමී තත්ත්වයක පවතින බව වාර්තා වේ.
විශේෂයෙන්ම අමෙරිකාව සහ පැරගුවේ අතර පැවැත්වෙන සමාරම්භක තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
ප්‍රමුඛ පෙළේ ආසන වෙනුවෙන් පනවා ඇති මෙම අධික මිල ගණන් සම්බන්ධයෙන් FIFA ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.



