රටේ මූල්‍ය ආරක්ෂාව අනතුරේ. ඩොලර් මිලියන 2.5 සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයයි – විපක්ෂ නායක සජිත්

අප රටට ලැබුණු යම්කිසි විදේශ ණයක වාරිකයක් නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරු කරගැනීමකින් තොරව කටයුතු කිරීම නිසා වාර්තා වන ආකාරයට මේ මොහොත වන විට අප රටේ අරමුදල්වලින් ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් එනම් ඩොලර් ලක්ෂ 25ක මුදලක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වන ආකාරයට මේ ඩොලර් මිලියන 2.5ක මුදල පරිගණක හැකර්කරුවකු විසින් ව්‍යාජ තොරතුරු සපයා ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට අප රටේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදුකිරීමේ හැකියාවක් නොමැති බව මේ අනුව පෙනී යන බවත් අප රටේ ඩොලර් සල්ලි හැකර්කරුවන්ට ව්‍යාජ තොරතුරු හා තහවුරු කිරීම් ඉදිරිපත් කර මුදල් අහිමි කරන්න හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත්නම් රටේ මූල්‍ය ආරක්ෂාව පවා අනතුරේ බවත් මේ මූල්‍ය පද්ධතියේ දුර්වලතාව නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් ද නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පරිගණක හැකර්කරුවකුට අප රටේ විදේශ ණය වාරිකයක් ව්‍යාජ ලෙස ලබා ගන්න හැකි වූයේ කෙසේද කියා ප්‍රශ්නයක් ඇති බවත් මුදල් යවන විට ණය කළමනාකරණ කාර්යාලය, විදේශ සම්පත් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව ආදී ආයතන නිශ්චිත නිවැරදි ක්‍රියාවලියක් හා යාන්ත්‍රණයක් නිර්මාණය කර නොමැති ද කියා ගැටලුවක් ඇති බවත් මෙය බරපතල ගැටලුවක් බවත් රටේ මූල්‍ය ස්ථායිතාව හා කළමනාකරණය සම්බන්ධ ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කරුණ ගැන නිවැරදි විනිවිදභාවයෙන් යුක්ත පාරිදෘෂ්‍ය වගවෙන වගකියන යාන්ත්‍රණයක් හා පරීක්ෂණයක් අවශ්‍ය බවත් සත්‍ය සොයා බැලිය යුතු බවත් අප රටේ භාණ්ඩාගාරයෙන් මෙ මුදල් පික්පොකට් ගැහුවේ කෙසේද කියා සොයා බැලිය යුතු බවත් මේ මුදල් යැවීමට පෙර නිවැරදි තහවුරුකිරීමක් සිදු නොකළේ ඇයි ද කියා ප්‍රශ්නයක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ නැතිව අපක්ෂපාතීව ස්වාධින පරීක්ෂණයක් හරහා මේ ගැන සෙවිය යුතු බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කතරගම කන්ද විහාරය සහ යෝදකන්ඩිය රනකෙළිය උද්දකන්දර රජමහා විහාරයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ඡන්දදායකයින් මෙන්ම ජනමාධ්‍ය ද දේශපාලන...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...

රටපුරා විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ඉදිරිපත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජාතික පද්ධති මෙහෙයුම්කරු...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...