අපි විශ්වාස කරන ආර්ථික ප්‍රතිසංස්කරණම තමයි රනිල් ඉදිරිපත් කරලා තියෙන්නෙ – හර්ෂ

රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැයෙන් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති දිශානතිය සමග තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් තමන් අයවැයට විරුද්ධ නොවුණේ ඒ නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“අපි දිගටම කිව්වේ, ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන ආර්ථික ප්‍රතිපත්ති දිශානතියත් එක්ක අපේ ගැටලුවක් නෑ. අපි විශ්වාස කරන ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලම තමයි ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒ නිසා තමයි අපි ඒකට විරුද්ධ වුණේ නැත්තෙ. හැබැයි අපට එකඟ වෙන්න බැරි තව නොයෙකුත් ගොඩක් හේතු තියෙනවා. ආර්ථික වශයෙන් බදු කොයි ආකාරයටද පනවලා තියෙන්නෙ, සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභීන්ට අවශ්‍ය තරම් සහන ලබානොදීම සම්බන්ධයෙන්, ඊටපස්සෙ මේ ප්‍රතිගාමී බදු සම්බන්ධයෙන් වගේ නොයෙකුත් ගැටලු තියෙනවා ආර්ථිකය පැත්තෙන්. අපට ඊට එහා ගිය ගැටලුත් ගොඩක් තියෙනවා. දූෂණය සම්බන්ධයෙන් කිසිම දෙයක් මේකෙ නෑ”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...