සටහන – පුලී
අප්‍රේල් 26, LNW (කොළඹ): ලොව පුරා ප්‍රසිද්ධියට පත් ඇගේ රූපලාවන්‍ය සන්නාමය වන Fenty Beauty එළිදැක්වීම සඳහා සුපිරි ගායිකා රිහානා මුම්බායි වෙත පැමිණීම පිළිබඳ විදෙස් මාධ්‍ය තුළ ප්‍රධාන සිරස්තලයක් ව හමාරය.
ෆීනික්ස් පැලේඩියම් හිදී පැවති මෙම ඉහළ පෙළේ උත්සවයට ඉන්දියාවේ විනෝදාස්වාද සහ විලාසිතා ක්ෂේත්‍රයේ තරු රැසක් සහභාගී වූ අතර, ඒ අතර ඊෂා අම්බානි, ජාන්වි කපූර්, කනිකා කපූර්, අදිති භාටියා, පෂ්මිනා රොෂාන් සහ කීර්තිමත් නිර්මාණකරුවෙකු වන මනීෂ් මල්හෝත්‍රා ද වූහ.
රිරී සවස් කාලය පුරාම කැපී පෙනෙන විලාසිතා තේරීම් මාලාවකින් රසික රසිකාවියන්ගේ සිත් පැහැර ගැනීමට සමත් විය.
ඇය මුලින් පෙනී සිටියේ තද ඔලිව්-කොළ පැහැති ඇඳුමකින්, ගැලපෙන සම් සායක් සමඟ යුගලනය කරන ලද විශාල හැට්ටයක් සහිත එය හැඳි රිරී තමන්ගේ කොන්ෆිඩන්ට් එක රැඟත් තද රතු පැහැති ලිප්ස්ටික් එක පැළඳීමට ද අමතක නොකළා ය.



ප්‍රධාන උත්සවය සඳහා, රිහානා තෝරා ගත්තේ දිලිසෙනාකාරයේ ඉදිරිපසක් සහිත සහ මෘදු රැලි සහිත අලංකාර කළු ගවුමකි.



පසුව, පසු සාදයේදී, ඇය ඉහළ බෙල්ලක් සහ ක්‍රොකඩයිල් විලාසිතාවේ සම් කටවුට් සහිත අලංකාර කළු පැහැති ෆිට්-ඇන්ඩ් ෆ්ලෙයාර් ඇඳුමකට මාරු වූ අතර, එය ඇගේ පෙනුමට නවීනත්වයක් ලබා දීය.
ඇගේ ඇඳුම් කට්ටලවලට සුවිශේෂී ඉන්දියානු ස්පර්ශයක් එක් කරමින්, රිහානා මනීෂ් මල්හෝත්‍රා සහ සබ්‍යසාචි මුඛර්ජිගේ අතිවිශිෂ්ට ආභරණ කැබලි සමඟින් සැරසුණාය.
වයිරල් වූ වීඩියෝවක, රිහානා හින්දි භාෂාවෙන් “ස්තූතියි” කියන්නේ කෙසේදැයි විමසනු ද දක්නට ලැබුණි.
වචනය ඉගෙන ගත් පසු, ඇය රසිකයන් දෙසට හැරී “ශුක්‍රියා” යැයි පැවසූ අතර, දේශීය ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට ඇය දැරූ උත්සාහය ගැන ඇය සිය ප්‍රීතිප්‍රමෝදයෙන් උන්මත්ව සිටින්නට විය.
Images by : Internet

