මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණය, රටින් පළාගිය හිටපු මහබැංකු අධිපති නැවත ගැනීමටද ? – සජිත්

Date:

වර්තමාන මහ බැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණය, මඟුල් ගෙදරකට යන්නට කියා රටින් පලාගිය හිටපු මහ බැංකු අධිපති නැවත ගැනීමට ද? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි.

අද ආණ්ඩුව පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග එක්ව මහබැංකු අධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ ගජ මිතුරෙක්ව මහ බැංකු අධිපති ධුරයට පත්කර ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇතැමුන් වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඉතිහාසයෙදි ද්විත්ව පුරවැසියන් මහ බැංකු අධිපති බවට පත් කළේ කවුදැයි රටම දන්නා බවත් සඳහන් කළේය.

ඒ මහ බැංකු අධිපතිවරයා මගුල් ගෙදරකට යන බව පවසා රටින් පිටවූ බව පැවසූ විපක්ෂ නායකතුමා අද වනතුරු ඔහුව රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව ද පැවසීය.

මහබැංකු අධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයේ ඊළඟ පියවර වන්නේ එදා රටින් පලාගිය මහ බැංකු අධිපතිවරයා නැවත ගෙන්වාගෙන මහ බැංකුව භාරදීමට දැයි තමන්ට සැකයක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අමතරව මොනතරම් මුදල් අච්චු ගැහුවත් උද්ධමනය ඉහළ යන්නේ නැති බවට පවසා අන්තනෝමතික ලෙස හැසුරුණු මහ බැංකු අධිපතිවරයෙක් මේ රටේ සිටි බවද අමතක නොකළ යුතු යැයිද ප්‍රකාශ කළේය.

රටේ ජනතාව රටේ පාලකයින්ට ලබා දෙන්නේ තාවකාලිකව භාරකාරත්වයක් බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙව් භාරකරුවන්ට රට කාබාසිනියා කිරීමට ඉඩ දිය නොහැකි බවත් පැවසීය. රටේ තාවකාලික භාරකාරීත්වය මිස රාජපක්ෂලාගේ භාරකාරීත්වය තමන්ට බාර ගත නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් රාජපක්ෂලාගේ බොඩිගාඩ් කෙනකු නොවන බව ද පැවසීය.

ආණ්ඩුවට එක්වූ ඇතැම් දේශපාලන අවස්ථාවාදීන් ඔවුන්ගේ නම වෙන්දේසි කර ගත්තා පමණක් නොව රන්ජන් රාමනායක මහතාගේ නමද වෙන්දේසි කළ බව විපක්ෂ නායකතුමා සිහිපත් කළ අතර එහෙත් ඔවුන් රංජන්ට ලබාදීමට කටයුතු කර ඇත්තේ බාග නිදහසක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (03) පැවැත්විණි. අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එම රැස්වීම සංවිධානය කොට තිබුණේ එහි ප්‍රධාන ආසන සංවිධායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා විසිනි. ඊට සමගාමීව සමගි ජන බලවේගයේ අක්මීමන කාර්යාලය විවෘත කිරීම ද සිදුවිය.

තමන්ගේ දේශපාලන අවස්ථාවාදීකම පෙන්වමින් ඇතැම් පාර්ශ්ව එක් වී සිටින්නේ අසූචි නැවට වන්දි ගෙවපු, සීනි වංචාවට සම්බන්ධ, පොල්තෙල් වංචාවට සම්බන්ධ, ගල් අගුරු වංචාවට සම්බන්ධ හොර ආණ්ඩුවක් සමග යැයි පැවසූ විපක්ෂ නායකතුමා, තමන්ට ආසයි බයයි යැයි චෝදනා කළ අයට කියන්නට ඇත්තේ ආසයි බයයි නොව තමන්ට ලැජ්ජා බය තියෙන බව යැයි ද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...