බැසිල්ගෙන් අලුත් වැඩක්. පොහොට්ටුවට පොලිටිකල් ඇකඩමියක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව ඇකඩමිය ආරම්භ කිරීම ඊයේ (03) කොළඹදී එම පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

දේශපාලන විශිෂ්ටත්වය සඳහා වන මෙම නායකත්වය ඇකඩමිය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම ඇකඩමියේ ආරම්භක සභාපතිවරයා වන අතර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු පාලක මණ්ඩලයක් විසින් එය පවත්වාගෙන යනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය, ව්‍යවසායකත්වය යනාදී වශයෙන් පන්ති 07ක් මෙම නායකත්ව ඇකඩමිය විසින් පවත්වනු ලබන අතර ඉදිරි මැතිවරණ සඳහා නාමයෝජනා ලබාදීමේදී මෙහි දායකත්වය සලකා බැලීමට ද නියමිත බව සඳහන්.

මෙම නායකත්ව ඇකඩමිය රටේ දේශපාලනයේ වෙනසක් වෙනුවෙන් සිදුකරන දීර්ඝ කාලීන වැඩසටහනක් වන අතර එහි කෙටි කාලීන බලාපොරොත්තු නොමැති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...