හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ.

ඒ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.

2023 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටියදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් දින එකහමාරක් තුළ රුපියල් ලක්ෂ 166ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පසුගිය වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කෙරෙනු අතර ඒ මහතාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත නිදහස් කෙරිණි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කර තිබුණේ මෙම සංචාරය එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයෙන් ලද නිල ආරාධනයකට අනුව සිදුකළ නිල සංචාරයක් බවකි.

මෙම සංචාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 24 වනදා කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...