චීන විදේශ ඇමතිගේ සහභාගීත්වයෙන් වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රාංගනය විවෘත වෙයි

Date:

කොළඹ වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද විවෘත කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග, මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙම විවෘත කිරීමට සමගාමීව චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 65 වසරක් සම්පූර්ණ වීම ද සැමරීමට පියවර ගෙන තිබිණි.

අද විවෘත කළ පදික මංතීරුව හෙට දිනයේ සිට මහජනතාවට විවෘත කෙ‌රේ. උදෑසන 09 සිට පස්වරු 06 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුමෙන් සාමාන්‍ය ජනතාවට ඊට ඇතුළු විය හැකිය.

දෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා වරාය නරගයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමටද නියමිතව තිබිණි. ඉන් අනතුරුව අද පස්වරුවේ චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...