ඩොලර් මිලියන 2.5 සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානි කරගෙන.. ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 30, කොළඹ LNW :

භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් සොරාගැනීමේ සිද්ධියකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දෙවතාවක් දැනුම් දී තිබුණද, ඔහු එම අවස්ථාවන් මගහැර ඇති බව වාර්තා වේ.

මියගිය නිලධාරියා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු තියුණු ආයුධයකින් ගෙල කපාගෙන සිය නිවසේදීම මෙලෙස දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

අදාළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මීට පෙර මුදල් අමාත්‍යාංශය මගින් නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්