බංග්ලාදේශ් බ්‍රැඩ්මන්ට T20 ක්‍රිකට් එපාම වෙයි !

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු මුෂ්ෆිකර් රහීම් 20/20 ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රහීම් අද මේ බව සඳහන් කර තිබේ.

ටෙස්ට් හා එක්දින තරග අංශ සඳහා වැඩි අවධානයක් ලබාදීමේ අරමුණින් 20/20 ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීමට තීරණය කළ බවත්, කෙසේ නමුත් ලීග් තරගාවලි සඳහා අවස්ථාවක් හිමි වුවහොත් ඒ සඳහා සූදානම් බවත් මුෂ්ෆිකර් රහීම් ප්‍රකාශ කරයි. තමාගේ තීරණය හේතුවෙන් ඉදිරියේදී ටෙස්ට් හා එක්දින තරග අංශවලින් රට වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට හැකිවනු ඇති බවට ඔහු විස්වාසය පළ කරනවා.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන මුෂ්ෆිකර් 2006 වසරේ සිම්බාබ්වේට එරෙහිව 20/20 ජාත්‍යන්තර වරම් දිනාගත් අතර එතැන් පටන් තරග 102 ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉනිම 93 කදී 115 ක ප්‍රහාරක වේගයක් සහිතව ලකුණු 1500 ක් රැස් කරගෙන ඇති අතර ඊට අර්ධ ශතක 06 ක් අන්තර්ගත වේ. ඔහු උඩපන්දු 42 ක් හා ස්ටම්ප් 30 ක් වාර්තා කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් තමාව, ටෙස්ට් ඉතිහාසයේ සුපිරිතම පිතිකරුවා ලෙස හඳුන්වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සමාන කරන බව එක් අවස්ථාවකදී ප්‍රකාශ කළ මුෂ්ෆිකර් වැඩිදුරටත් සඳහන් කළේ බ්‍රැඩ්මන් වැනි සුපිරි ක්‍රීඩකයෙකුට ලංවීමට හෝ තමාට නොහැකි බවයි.

මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම බංග්ලාදේශයට ඉවතට විසිවීමට සිදුවූයේ තරග දෙකම පරාජයට පත්වෙමිනි. මුෂ්ෆිකර් ප්‍රමාණවත් දස්කම් දැක්වීමට අසමත් වූ අතර තරග දෙකේදීම රැස් කළේ ලකුණු 05 ක් පමණි. එම පරාජය මෙන්ම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම ඔහුගේ සමුගැනීම ඉක්මන් කිරීමට හේතුවක් වන්නට ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...