දෙසැම්බර් 31 රාජ්‍ය සේවකයන් 20000 ක් ගෙදර – වෛද්‍ය, හෙද, ඉංජිනේරු අංශවලට 63 දක්වා විශ්‍රාමය දිගු වෙයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 දක්වා අඩු කිරීමට යෝජනා කළේය. මෙම යෝජනාවට අනුව දෙසැම්බර් 31 වැනිදා වනවිට වයස 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යාමට සිදුවනු ඇත.

දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය 20,000 ඉක්මවනු ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ. ඊට අදාල චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසනවා.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට අයත් රාජ්‍ය සේවකයන්ට අවුරුදු 60 සීමාව බල නොපාන බවද ලේකම්වරයා සඳහන් කරනවා. වෛද්‍ය, හෙද, ඉංජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයකට අයත් රාජ්‍ය සේවකයන්ට අත්‍යවශ්‍ය සේවා පදනම යටතේ අවුරුදු 63 දක්වා රාජ්‍ය සේවයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර ඊට අදාල සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් රාජ්‍ය සේවය හැකිතරම් සීමා කිරීමට රජය තීරණය කර ඇති අතර විශ්‍රාම වයස අඩු කිරීමට තීරණය කළේ ඒ අනුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...