රාජපක්ෂලාට මල් පාවඩ, ජනතාවට මල් වඩම් !

Date:

වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට යළි දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාරගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රාජපක්ෂ රජ පවුල රටට අහිමි කළ භූමියේ අයිතිය, මුදල් නැවත ලබා දෙන ලෙස මතුවන හඬට කන් දී සමගි ජනබලවේග රජයක් යටතේ මේ රටේ මහජන දේපල, මුදල් සූරා කෑ, මංකොල්ල කෑ මහජන දේපල, මුදල් නැවතත් රටට ගෙන එන බවත් වංචාවලට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය හමුවට ගෙනැවිත් ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකයා අවධාරණය කරනවා.

අද පැවති සමගි ජන බලවේගයේ කටාන ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කෙළ්ය. සමගි ජන බලවේගයේ කටාන ප්‍රධාන ආසන සංවිධායක හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් මෙය සංවිධානය කර තිබූ අතර සජබ පාක්ෂිකයන් අති විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

රාජපක්ෂලා බලයේ නොසිටියද වර්තමාන රජය රතුපස්වල මිනීමරු සංස්කෘතිය නැවත වරක් ඉස්මතු කිරීමට උත්සාහ කරන බවත්, ප්‍රජාතන්ත්‍රීය අරගලයක නිරතව සිටි මේ රටේ තරුණ පරපුර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන ඉතාමත් මිලේච්ඡ ආකාරයට මර්දනය කරමින් සිටින බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ මේ තරුණ මර්දනයට, දඩයමට විපක්ෂයක් ලෙස සම්පූර්ණයෙන් විරුද්ධ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...