කොළඹ LNW: පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද මැයි දින පෙළපාලිය සහ රැළිය පක්ෂ සාමාජිකයින් සහ සුභ පතන්නන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
පෙළපාලිය මරදාන වයිට් පිටියෙන් ආරම්භ වී කොළඹ හයිඩ් පිටිය කරා පැමිණි අතර අනතුරුව රැළිය ආරම්භ විය.
“අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට – නැටවෙන ආණ්ඩුවට එරෙහි, වැඩකරන ජනතා බලයක්!” තේමාවෙන් සංවිධනය කර තිබුණු එම මැයි දින රැළියේ ප්‍රධාන දේශනය පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් සිදුකරන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න























