බංග්ලාදේශය නව න්‍යෂ්ටික යුගයකට පිවිසෙයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බංග්ලාදේශය සිය රූප්පූර් (Rooppur) න්‍යෂ්ටික බලාගාරයේ පළමු ඒකකය සඳහා යුරේනියම් ඉන්ධන පිරවීම ආරම්භ කර තිබේ.

මෙය එරට න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය දෙසට තැබූ තීරණාත්මක පියවරක් වන අතර ඉන්දියාව සහ පකිස්ථානයෙන් පසු, විදුලිබල උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කර ගැනීමේ යුගයට පිවිසෙන දකුණු ආසියාවේ තුන්වන රට බවට බංග්ලාදේශය පත්වේ.

එමෙන්ම, න්‍යෂ්ටික බලශක්තිය භාවිතයෙන් විදුලිය නිපදවන ලොව 33 වන රට බවට පත්වීමට බංග්ලාදේශය නියමිත වන අතර බලධාරීන් පවසන පරිදි, එළඹෙන අගෝස්තු මාසය වන විට මෙගාවොට් 300 ක පමණ විදුලි ධාරිතාවක් පරීක්ෂණ මට්ටමින් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරයි.

මෙය මෙගාවොට් 1,200 බැගින් වූ ඒකක දෙකකින් සමන්විත මෙම බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව මෙගාවොට් 2,400 ක් වන අතර, එය බංග්ලාදේශයේ ඉතිහාසයේ ක්‍රියාත්මක වන විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිය ලෙස සැලකේ.

මෙය ඇමරිකානු ඩොලර් බිලියන 13 ක පිරිවැයක් දරන මෙම ව්‍යාපෘතියක් වන අතර රුසියාවේ ‘රොසැටම්’ (Rosatom) ආයතනය තාක්ෂණික සහාය ලබා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...