නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:දිට්වා ආපදා හේතුවෙන් විනාශ වූ ඇළ වේලි ඇතුලු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේදී සකස් කළ හානි ලේඛණයට අමතරව ප්‍රමුඛතා ලේඛණයක් සකස් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ මහතා පවසයි.
පෙර සකස් කළ හානි ලේඛණයට වඩා ප්‍රමුඛත්වය ලබාදිය යුතු ස්ථාන පවතින බැවින් යළි ප්‍රමුඛතා ලේඛණයක් සකස් කළ බවත් ඒ සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටු අනුමැතිය ලබා ගන්නා බව ද ඒ මහතා කීවේය. එහිදී ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයකින් ස්ථාන 05 බැගින් මහනුවර දිස්ත්‍රික්කයේ හානි වූ ස්ථාන 225ක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ද නියෝජ්‍ය කොමසාරිස්වරයා පැවසුවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගොවිජන සංවර්ධන දෙපර්තමේන්තුවේ කාර්යයභාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.


