ඩඩ්ලිට ජයවේවා !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහතින් දැක්වේ.


ඩඩ්ලිට ජයවේවා !

කලබල වෙන්න එපා ඩඩ්ලි ඉදිරියේදී ඡන්ද ඉල්ලාවීද මම දන්නෙ නෑ .ජයවේවා කියල ප්‍රාර්ථනා කලේ අද රූපවාහිනී ප්‍රවෘති බලනකොට ඩඩ්ලිගෙ කථාවක් දැක්ක නිසා සටහනක් යොදන්න හිතුනා .

වසර 30ට ආසන්න කාලයක අපේ තියෙන මිතුරු කම නිසා ඕනේ දෙයක් අපිට කතා කරන්න බැරී කමකුත් නෑ.

ඉස්සර වගේ නෙවෙයි ඩඩ්ලි දැන් හොඳ කථිකයෙක්නෙ.තමන්ගේ උත්සහයෙන් ජීවිතය ජයගත් කෙනෙක් හැටියට එම අත්දැකීම් අනාගතය පරපුරට අතීතය මවා පාන්නේ නැතුව කියන එක ගොඩක් හොඳයි.

ඉස්සර මම වේදිකාවේ කතා කරලා බහිනකොට ඩඩ්ලි මගේ කතා අගය කරන නිහතමානී ගතියක් ඩඩ්ලිට තිබ්බ විතරක් නෙවෙයි මම වේදිකාවට එන එක වගේම මට ඉහළම පහසුකම් දෙන්නත් ඩඩ්ලි මැලීවුනේ නෑ .

හැබැයි අපේ මිතුරු කම් පටන් ගත්තදා ඉදලා ඩඩ්ලි ඡන්දයක් දීලා පැරදිලා තියෙන්නෙ 2001පාර්ලිමේන්තු මැතිවරණයේදී විතරක් කියලයි මට අද හිතුනෙ.

අද කතාවේ හැටියට තමන්ගේ ඡන්දය දීපු කෙනා හෝ පක්ෂය පැරදිල තියෙන්නෙ .2001 පාර්ලිමේන්තු වෙන්න ඇති ආන්ඩු බලයක් නොලද මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණය නිසා මනාප ඡන්දය දිනන්න ඇති ඒ මැතිවරණයේදීත්,

අද ඩඩ්ලි කිව්වා අනුර කුමාර ජනාධිපති කරන්න ඡන්දය දුන්නා කියල .ඒ කියන්නේ ඩඩ්ලි නියම ව්‍යාපාරිකයෙක් .අපි දේශපාලන පක්ෂ නියෝජනය කරන නිසා දිනල පැරදිල තියෙනවා .

හැබැයි ඒකේ අව්ලක් අපිට ඇත්තේම නෑ .අපේ යාලුවාට ජයවේවා කිව්වේ ඒකයි .

හැබැයි මාළිමාවට ඡන්දය දීපු මිනිස්සු මුහුණු පොතේ වැලලෙන ඩෝබිලා ජනාධිපති තුමා මේසෙට ගහලා දාපු පාර්ටි එක දැකලා දුන්න ආතල් එකට දැන් බත් නොකෑවත් එදා හරි සතුටක් ලැබුවා .

ඩඩ්ලි ඔක්කෝටම ආරාධනා කලා රට වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා රජයට සහය දෙන්න ඕනේ කියල .

ඒ අදහස අද වේදිකාවේ කිව්වට අපේ මිත්‍රයා අවුරුදු 25 ක් තිස්සෙ දිනපු හැම නායකයෙක්ගෙම ජ්‍යග්‍රහනයෙදී ලගින් හිටිය නිසා ඔය කතාව හැම ආන්ඩුවක් වෙනුවෙන්ම කියල තියෙනවා .ඒ තමයි ඩඩ්ලි ….

ඒ හන්දා අද කථාව අපිට අලුත් කතාවක් නෙවෙයි අපේ මිත්‍රයා ව්‍යාපරිකයෙක්නෙ.

දැන් මම විතරක් නෙවෙයි මාළිමාවෙ හැමෝම එක පාර කියමු ඩඩ්ලිට ජයවේවා !

~ රේණුක දුෂ්‍යන්ත පෙරේරා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...