අලි මිනිස් ගැටුමට උත්තර හොයන්න පුරවැසි සහභාගීත්වයෙන් වැඩසටහන් සකසන්න – විපක්ෂ නායක ඉල්ලයි!

කොළඹ LNW:අලි මිනිස් ගැටුම අවම කරගන්න පුරවැසි සහභාගීත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වන අලියාට දිස්ත්‍රික් මායිම් නොමැති බවත් කහල්ල පල්ලෙකැලේ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලද බලපාන බවත් විපක්ෂ නායකයා කියා සිටියි.

මෙහි දී රටක් ලෙස 70%ක් අලි සිටින්නේ සංරක්ෂිත ප්‍රදේශවලින් පිට නං මේ ගැන අවධානය යොමුවිය යුතු බවයි ඔහු පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි. ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා කටයුතු කරනු ලබයි.

දිස්ත්‍රික් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හොද දෙයක් වන අතර විද්වත් කණ්ඩායම් ඉදිරිපත් කළ ජාතික ඉඩම් පරිහරණය සැලැස්ම මත පදනම්ව මිනිසුන් සිටින ප්‍රදේශවල වන අලින් සිටීම සම්බන්ධයෙන් විසඳුමක් අවශ්‍ය බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

එල්නීනෝ තත්ත්වයක් ඇති වුවහොත් මේ ගැටලු තවත් වැඩි වේවි!

එල්නීනෝ තත්ත්වයක් පැමිණියහොත් වියළි තත්ත්වය වැඩි වීම නිසා අලි මිනිස් ගැටුම වැඩි වෙන බවත් වගා හානි පවා වැඩි වන බවත් ඊට අමතරව අස්වැන්න පවා අඩුවන නිසා මෙය විෂම චක්‍රයක් වන බවත් මේ සඳහාද කඩිනම් විසදුම් සැලසුම් අවශ්‍ය බවත් හෙතෙම පවසයි.

කාසිකොටේ ⁣අලි උමගේ කටයුතු කඩිනම් කරන්න!

තවද කාසි කොටේ ප්‍රදේශයේ රේල් පාර යටින් අලි උමගක් හැදෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය සමග සම්බන්ධීකරණය වී කටයුතු කරන ලෙසද ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ අවස්ථාව වෙනුවෙන් දිලුම් අලගියවන්න මහතා, මහාචාර්ය බී. එස්. සම්පත් සෙනෙවිරත්න මහතා, මහාචාර්ය ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය එස්. විජයමෝහන්, අංජලී වොට්සන් මහත්මිය, Dr. Andrew Kittle, දීප්ති දේවිකා වික්‍රමසිංහ මහත්මිය, ආචාර්ය යූ. කේ. ජී. කාලිංග පද්මලාල් මහතා, පී. දුෂ්‍යන්ත රවීන්ද්‍ර සිල්වා, ශානක අරවින්ද කළුබෝවිල යන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද එක්විය.

බී. එස්. සම්පත් සෙනෙවිරත්න මහතා, දීප්ති දේවිකා වික්‍රමසිංහ මහත්මිය, ආචාර්ය යූ. කේ. ජී. කාලිංග පද්මලාල් මහතා, පී. දුෂ්‍යන්ත රවීන්ද්‍ර සිල්වා, ශානක අරවින්ද කළුබෝවිල යන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේදී 1,000cc ට වැඩි යතුරුපැදි ධාවනය ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: 1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන...

අගමැති හරිනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා රැසක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද...

Litro වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: තවත් ගෑස් තොගයක් ඊයේ(03)...

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...