නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊයේ (14) රාත්‍රියේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට නිකුත් කළ අදියර 2 යටතේ ‘අවධානයෙන් සිටින්න’ නිවේදනය තවදුරටත් යාවත්කාලීන කර ඇත.

කඳු ආශ්‍රිත ප්‍රදේශවල නායයෑම් ලක්ෂණ ඇතිවූ ප්‍රදේශවල යම් ආකාරයක නායයෑම් සක්‍රියවීමේ හැකියාවක් ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම එම ස්ථාන පසුකරන්න ජනතාව, එම ස්ථානවල යම් කාර්යයක නිතරවන සැලකිලිමත් වන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

අදියර 2 යටතේ නිවේදන නිකුත්කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක

ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව

කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර, අගලවත්ත, මතුගම, හොරණ සහ වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය- ගඟඉහළ කෝරළේ, දෙල්තොට, පස්බාගේ කෝරළේ, ගඟවට කෝරළය, පාතහේවාහැට, යටිනුවර, දොළුව,
උඩ පළාත, පන්විල සහ අකුරණ

කුරුණෑගල දිස්ත්‍රික්කය – නාරම්මල සහ අලව්ව

රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරිඇල්ල සහ කලවාන

දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අදියර 1 ‘විමසිලිමත්ව සිටින්න’ නිවේදන නිකුත්කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල, බණ්ඩාරවෙල සහ පස්සර

කොළඹ දිස්ත්‍රික්කය – පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය – ඇල්පිටිය, තවලම සහ නියාගම

ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කය

ඉංගිරිය සහ බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කය

මැදදුම්බර, උඩුදුම්බර, පූජාපිටිය, තුම්පනේ, හතරලියැද්ද, හාරිස්පත්තුව සහ උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය – වරකාපොල, අරණායක, කෑගල්ල, රඹුක්කන, දෙහිඕවිට, රුවන්වැල්ල, මාවනැල්ල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගහ කෝරළය, රත්තොට සහ නාවුල

මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර

මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය, බඩල්කුඹුර සහ බිබිල

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව කෝරළේ, නෝවුඩ් සහ කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය – ඇලපාත, ගොඩකවෙල, කහවත්ත සහ නිවිතිගල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...