නුවරඑළිය ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න රජයට!

කොළඹ LNW:මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පසුගිය 10වන දින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.

ඒ අනුව නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සමුපකාර කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී එක් ගොවියෙකුගෙන් දිනකට උපරිම කිලෝග්‍රෑම් 1000 කට යටත්ව, කිලෝග්‍රෑම් එකක් රුපියල් 220 ක ස්ථාවර මිලකට මිලදී ගැනීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ප්‍රදේශයේ ගොවීන් විසින් තම අස්වනු මෙම මධ්‍යස්ථානය වෙත ලබා දීමට කටයුතු කරමින් සිටී. ගොවීන්ගෙන් සෘජුව මිලදී ගන්නා මෙම අර්තාපල් තොග දිනපතා ප්‍රවාහනය කර දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාවට සහන මිලට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙමඟින් අතරමැදියන්ගේ බලපෑමකින් තොරව ගොවියාට සිය නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා දීමටත්, පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය අර්තාපල් සාධාරණ මිලකට මිලදී ගැනීමටත් අවස්ථාව සැලසේ.

නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ අර්තාපල් මිලදී ගැනීමේ කටයුතු නිරීක්ෂණය සඳහා එක්වෙමින් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා දැක්වූ අදහස් මේ සමඟ යොමු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...