රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :
අද (15) උදෑසන විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් 56 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 25 හැවිරිදි දියණිය මිය ගියහ.
පොලිසිය පැවසුවේ මෙම සිදුවීම සිදුවූයේ බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී බවත්, පියා තම දියණිය ඇගේ සේවා ස්ථානයට ඇරලීමට යමින් සිටියදී හදිසියේම වන අලියෙකු ඔවුන් දෙදෙනාට පහර දුන් බවත්ය.
තුවාල ලැබූ දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගියහ. පසුව ඔවුන්ගේ සිරුරු විල්ගමුව රෝහලට ගෙන යන ලදී.



