ජාතික ආණ්ඩුවක් හදනවා නම් අගමැති ධුරය බාරගන්න රනිල් සූදානම් – රුවන්

Date:

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් එහි අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

එසේ නොමැතිව රටේ උද්ගතව ඇති ප්‍රශ්නවලින් වත්මන් ආණ්ඩුව බේරාගැනීම සඳහා ඊට මුක්කු ගැසීමට වික්‍රමසිංහ මහතා සූදානම් නොමැති බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ එජාප ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව එක්වූ මාධ්‍යවේදියෙකු, ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම බාරදෙනු ඇති බවට මේ දිනවල පැතිර යන කටකතා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...