ජාතික ආණ්ඩුවක් හදනවා නම් අගමැති ධුරය බාරගන්න රනිල් සූදානම් – රුවන්

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් එහි අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

එසේ නොමැතිව රටේ උද්ගතව ඇති ප්‍රශ්නවලින් වත්මන් ආණ්ඩුව බේරාගැනීම සඳහා ඊට මුක්කු ගැසීමට වික්‍රමසිංහ මහතා සූදානම් නොමැති බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ එජාප ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව එක්වූ මාධ්‍යවේදියෙකු, ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම බාරදෙනු ඇති බවට මේ දිනවල පැතිර යන කටකතා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...