පෙන්නන්න හරි ගිවිසුමක් අත්සන් කරන්නෙපැයි – IMF ගිවිසුම ගැන සුසිල් පාර්ලිමේන්තුවට කියපු දේ !

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් දෙපාර්ශ්වය අතර කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ඊයේ විපක්ෂය නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු අද මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කළ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.

සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බවයි. ඒ පිළිබඳ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසුව ගිවිසුම් අත්සන් කරනු ඇති බවද ඔහු සඳහන් කරනවා.

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කළ නොහැකි බවත්, විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අදාල එකඟතා මොනාවද යන්න ප්‍රසිද්ධ කළ හැකි බවත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර ලෙස අනුර කුමාර දිසානායක මහතා, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවල හානිකර යෝජනා නොමැති නම් ඒවා ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වන්නේ කුමන හේතුවක් මතදැයි විමසා සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...