ප්‍රචණ්ඩත්වයේ පීතෘවරු කවුද කියලා රටම දන්නවා – විපක්ෂ නායක

Date:

විවිධ මර්දන පනත් උපයෝගී කරමින් සාමාන්‍ය ජනතාව හා ආණ්ඩුවිරෝධී අරගලකරුවන් අත්අඩංගුවට ගන්නා, ජනතාව මර්දනය කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් එකට එකතු වී වැඩ කරමු යැයි විපක්ෂයට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

කලාකරුවන්, තරුණ-තරුණියන්, විශ්වවිද්‍යාල සිසුන් අද ආණ්ඩුවට පෙන්නන්න බැරි තත්වයට පත්ව ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ දමිතා අබේරත්න වැනි අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි.

අරගලකරුවන් ප්‍රචණ්ඩත්වය පතුරුවන බව පවසමින් අරගලකරුවන්ට ත්‍රස්තවාදීන්ගේ ලේබල් ඇලවීමට උත්සාහ දරන පුද්ගලයන් එදා අරලියගහ මන්දිරයේ සිට ප්‍රචණ්ඩත්වය රටපුරා වැපිරවූ, ප්‍රචණ්ඩත්වයට ඔක්සිජන් ලබාදුන් පුද්ගලයන් කවුදැයි රටම දන්නා බවත්, ප්‍රචණ්ඩත්වයේ පීතෘවරුන් කවුදැයි, ප්‍රචණ්ඩත්වය පිළිබඳ උප්පැන්න ලබාදිය යුත්තේ කාටදැයි ජනතාව හොඳින්ම දන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා පේනවා දෙනවා.

සිතෙන සිතෙන ආකාරයට ජනතාව දඩයම් කිරීම වහාම නතර කළයුතු බවත් එසේ නොමැති වුවහොත් ජගත් මානව හිමිකම් සමුළුවේදී පාලකයන් සිදුකරන ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුතු සඳහා රටටම දඬුවම් විඳීමට සිදුවන බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ ජිනීවාවලට යාමට ඉඩ නොතබා මෙම ගැටලු රට තුළම විසඳා ගත යුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...