රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇර‍ඹේ!

කොළඹ LNW:රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ (19) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම දෙදින චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතයි.

රුසියානු ජනාධිපතිවරයාට ඊයේ රාත්‍රියේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණ අතර එම අවස්ථාවට චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා එක්ව සිටියා. මෙය රුසියානු ජනාධිපතිවරයාගේ 25 වන චීන සංචාරයයි. මෙහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග සුවිශේෂ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මෙන්ම, පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය කරුණු පිළිබඳව චීන-රුසියා දෙ‍රටේ නායකයින් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...