කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානි සුරේෂ් සලේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොහු අධිකරණයට රැගෙන විත් තිබෙන අතර ඔහු සම්බන්ධ නඩුකරය අද (20) දහවල් කැඳවීමටද නියමිතයි.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු අතර ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව රඳවා ගෙන ප්රශ්න කරමින් සිටියි.


