කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානි සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය යළි ජුලි මස 01 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
එතෙක් ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් නියෝග කළේ.
දැඩි ආරක්ෂක විධිවධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සුරේෂ් සලේ මහතාව අද (20) අධිකරණයට රැගෙන ආ අතර
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු රාජ්ය බුද්ධි ප්රධානී පසුගිය පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව ඔහුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කිරීම සිදුකරමින් තිබේ.


