කොංගෝවේ ඉබෝලා රෝහල් කුඩාරම් වලට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ඉබෝලා වසංගතයේ කේන්ද්‍රස්ථානයවන ඉටුරි පළාතේ බුනියා නගරය අසල පිහිටි රුවම්පරා රෝහලේ කුඩාරම් කිහිපයකට කෝපයට පත් පිරිසක් විසින් ගිනිතබා තිබේ.

වෛරසයෙන් මිය ගිය බවට සැලකෙන තරුණයෙකුගේ පවුලේ අය සහ මිතුරන් ඔහුගේ දේහය භූමදානය සඳහා රැගෙන යාම වැළැක්වීමෙන් පසුව මෙලෙස ගිනිතබා ඇත.

ගිනිතැබීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 6 දෙනෙකු පලාගොස් ඇති අතර මියගිය ඉබෝලා වින්දිතයෙකුගේ දේහය ඉතා බෝවන සුළු වන අතර වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා බලධාරීන් ආරක්ෂිත භූමදානයක් අනුමත කර තිබුණි.

මෙම තරුණයා දේශීය කණ්ඩායම් කිහිපයක් සමඟ ක්‍රීඩා කර ඇති පාපන්දු ක්‍රීඩකයෙකු බව වාර්තා වන අතර ඔහුගේ මව මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, තම පුතා ඉබෝලා නොව ටයිපොයිඩ් උණ රෝගයෙන් මිය ගිය බව තමන් විශ්වාස කරන බවයි.

වසර ගණනාවක යුද්ධය හේතුවෙන් පිඩා විඳින කොංගෝවේ 130 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති අතර හඳුනාගත් රෝගීන් ගණන 600 ඉක්මවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට(WHO) අනුව මහජන හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නමුත් මහජනතාව මෙය මාරාන්තික බව පිළිනොගැනීම මෙම වසංගතය පහසුවෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇත.

බුන්ඩිබුජියෝ ලෙස හඳුන්වන දුර්ලභ ඉබෝලා විශේෂයකින් මෙම වසංගතය ව්‍යාප්ත වන අතර මෙම විශේෂයට දැනට එන්නතක් නොමැති අතර WHO පවසා ඇත්තේ එන්නතක් සූදානම් වීමට මාස නවයක් දක්වා ගත විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...