පක්ෂ බිඳෙයි. වැටෙන ආර්ථිකය ගොඩගැනීමට නව ආර්ථික කඳවුරක් ගොඩනැඟෙයි ?

දිනෙන් දින කඩාවැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා නව ආර්ථික කඳවුරක් ගොඩනැඟීම කෙරෙහි ප්‍රධාන පාර්ශ්ව රැසකගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

පාලනයකින් තොරව රුපියල අවප්‍රමාණය වීම, ආර්ථික වර්ධන වේගය අඩුවීම, විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට නොහැකිවීම ඇතුළු අයහපත් තත්වයන් ඔස්සේ දිනපතා අගාධයක් දෙසට තල්ලු වෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 වසරේ පැවති තත්වයටම වැටී, නැවතත් වසර ගණනාවකින් රට ආපස්සට යාමේ අනතුරක් උද්ගතව ඇති බැවින් ඊට පෙර වහාම ක්‍රියාත්මක වියයුතු බවට ප්‍රබල යෝජනාවක් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද සාකච්ඡාවට භාජනය වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව දේශපාලනඥයින්, පූජ්‍ය පක්ෂය, විවිධ වෘත්තිකයින්, සිවිල් ක්‍රියාකාරිකයින්, ආර්ථික විශේෂඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු කණ්ඩායමක් මේ වනවිටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පක්ෂ, පාට භේදයකින් තොරව මෙම ආර්ථිකය ගොඩනැඟීමේ කඳවුර නිර්මාණය කෙරෙනු ඇති අතර දේශපාලන පක්ෂ රැසක ඉදිරිපෙළ නායකයින් ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් මේ කඳවුර සමග එක්වනු ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...