සටහන: සශිකලා මධුෂාණි
මැයි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන අර්බුදය දිගටම පවතින බැවින් ඉල්ලුම ඉහළ යාම, අඩු සංචිත සහ මැද පෙරදිග අපනයන අඩුවීම ගෝලීය අර්බුදයට හේතුවිය හැකි බවත්, තෙල් වෙළඳපොළවල් අවදානම් ‘රතු කලාපය’ අසල ඇති බවත්, ජාත්යන්තර බලශක්ති ඒජන්සියේ(IEA) විධායක අධ්යක්ෂ ෆාති බිරෝල් අනතුරු අඟවා තිබේ.

ඊයේ(21)දිනයේදී ලන්ඩනයේ චැතම් හවුස් හිදී අදහස් දක්වමින් IEA අධ්යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙය දුෂ්කර විය හැකි අතර, යම් දියුණුවක් නොපෙනේ නම් ජූලි-අගෝස්තු මාසවලදී අපි රතු කලාපයට ඇතුළු වීමට ඉඩ ඇති බවත්, අවශ්ය නම් IEA සාමාජික රටවලට තවත් උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරිය හැකි බවත්ය.
ඉරානයට විශාල ගබඩා ධාරිතාවක් නොමැති බවත් එහි තෙල් කර්මාන්තය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර ඉරාන ප්රහාර හේතුවෙන් මැදපෙරදිග තෙල් අපනයනය ද මේ වන විට සිමා සහිත වී ඇත.
අර්බුදය නිසා ඇති වූ බාධා හේතුවෙන් දිනකට තෙල් බැරල් මිලියන 14 ක් පමණ වෙළඳපොළට අහිමිව ඇති අතර වසරක් ඇතුළත තෙල් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමේ අපේක්ෂාවක් නොමැති බව ද ඔහු මෙහිදී පැවසීය.
මිට විසඳුම වශයෙන් කොන්දේසි විරහිතව නැවත හොමුස් සමුද්ර සන්ධිය නැවත විවෘත කිරීම බවයි ජාත්යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්යක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

