පාර්ලිමේන්තුවේ වැඩිම බර ශරීරය මගේ. හැබැයි ලෙඩ නෑ – දෙමෝදර බඩා (VIDEO)

Date:

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එහි නායකයින් කටයුතු කරමින් සිටියත් තමන්ව ජනතාව අතරින් ඉවත් කිරීමට ඔවුන්ට කිසිසේත්ම නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“අපිව පක්ෂවලින් එළියට දාන්න කතාකරලා තියෙනවා පහුගිය කාලෙ. අපිව පක්ෂවලින් එළියට දැම්මාට ජනතාවගෙන් එළියට දාන්න බෑ. අද මට අමාත්‍යාංශයක් දුන්නා ජනාධිපතිතුමා, ඒකෙ ලොකුද, පොඩිද අදාළ නෑ. සමහරු අමාත්‍යාංශය දීපුවාම මගෙන් අහනවා ප්‍රාථමික නේද දීලා තියෙන්නෙ කියලා. මගේ ශරීරය වගේ තමයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම බර මගේ ශරීරය. හැබැයි 225න්ම කොලෙස්ටරෝල්, සීනි මොකුත් නැතිව ශරීරය පාලනය කරගෙන ඉන්නෙත් මම. මගේ ශරීරය හින්දා තමයි මට වැඩියෙන්ම ඡන්ද හම්බවුණේ. මොකද මම ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉල්ලනකොට ඔය ගම්වල මාමලා, සීයලා කියන්නෙ දෙමෝදර බඩාටත් ඡන්දයක් දෙන්න ඕනෙ, දෙමෝදර තඩියාටත් ඡන්දයක් දෙන්න ඕනෙ කියලා තමයි. මම ලේකම්තුමාටත් කියනවා ඔබතුමාල වැඩකරනකොට අපි වැඩ කරන්න පටන් අරගෙන කරන්න ඕනෙ. එතකොට ඔබතුමාලාත් අපිත් එක්ක වැඩ කරනවා. නැතුව අපි වැඩ නොකර ඔබතුමාලාට වැඩකරන්න දුන්නාම දෙගොල්ලොම කම්මැලි වෙනවා. එහෙම වෙන්න බෑ. මේ අමාත්‍යාංශයෙන් රටේ ආර්ථිකයට මෙතෙක් වැඩක් වෙලා නෑ. මේක ගොඩනඟන්න වෙනවා. මේක ගොඩනඟන්නෙ නැතුව අපට ඩොලර් කොහෙන්වත් එන්නෙ නෑ”

චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (09) සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...