ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමතිකමක් ලැබුණා නම් නාමල්ට කැබිනට් ඇමතිකමක් ෂුවර් – විමල්

Date:

රාජපක්ෂ පවුලේ බල දේශපාලනය අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණා නම් නාමල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

“මිනිස්සු මේ ඇතිවෙච්ච පීඩනයත් එක්ක ඉතාම දරුණෙ ලෙස රාජපක්ෂ පවුල් දේශපාලනය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළා. නමුත් අද රාජ්‍ය ඇමතිවරුන් අතරට ශෂීන්ද්‍ර රාජපක්ෂ දාලා තියෙනවා. මම දන්න රාජපක්ෂ පවුලේ බල දේශපාලනයට අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් දෙනවා නම් නාමල් රාජපක්ෂට අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිකමක් දෙනවා. මොකද ඒක තමයි ඕකෙ සූත්‍රය. දැන් මේගොල්ලො මේ ඒ ටික බෙදාහදාගෙන ආයෙ අර පරණ සෙල්ලම නේද මේ කරන්න යන්නෙ ? ඕකෙ ඉන්න සමහරුන්ට මේ ඇමති කට්ටක් නැතුව හුස්ම ගන්න බෑ”

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති උ. ල. සභාගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...