ජන්දෙන් ඇවිත් පක්ෂ මාරු කළොත් මන්ත්‍රීකම අහෝසි වෙන පනත් කෙටුම්පතත් එන ලකුණු!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මහජන ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ විවිධ ප්‍රකාශ පළවෙන නමුත් විපක්ෂය නියෝජනය කරන කිසිදු අයෙකු ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි.

යම් යම් පාර්ශ්වයන්ගේ ප්‍රාර්ථනා තිබුණද රජයට එවැනි සූදානමක් නොමැති අතර රජයට පැහැදිලි ජන වරමක් ලැබී ඇති බැවින් ඒ අනුව කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්