ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර වන රඹුක්න සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර බඹරගහ හන්දියෙන් ආරම්භ වෙයි.
ඒ අනුව මෙම අදියරේදී කිලෝ මීටර 19ක් ඉදිකිරීමට නියමිතයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112 ක් බව දැක්වෙයි.
මෙම ඉදිකිරීම් සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරගකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලංසු කැඳවා තිබුණි.
ඒ අනුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ද පසුගියදා වූ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වන විට පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ ඇත.


