සටහන: සශිකලා මධුෂාණි
මැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යුද්ධයේදී ලිංගික වශයෙන් කරනු ලබන වද හිංසාවන් පාදක කර ගනිමින් ඊශ්රායල හා රුසියාණු හමුදාවන් අසාදු ලේඛනගත කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක හමුදා විසින් පිරිමි හා ස්ත්රී රැඳවියන් දූෂණය කිරීම, සමූහ දූෂණ සහ ලිංගික ප්රචණ්ඩත්වය වධහිංසා පැමිණවීම, ඇතුළුව අපයෝජනය කිරීම උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබුණේ ඊශ්රායලය 2023 සහ 2025 අතර කාලය තුළ ගාසා තීරයේ සහ වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ පලස්තීන පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 31 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කර කිරීම, ඊශ්රායලය එක්සත් ජාතීන්ගේ විශේෂඥයින්ට රැඳවුම් මධ්යස්ථානවලට යාම තහනම් කිරීම, ගාසා තීරයට ගමන් කිරීම අවහිර කිරීම සහ නිදහස් වීමෙන් පසු අපයෝජනය වාර්තා කළහොත් පලස්තීන රැඳවියන්ට තර්ජනය කිරීම ආදිය සිදු කිරීම හේතුවෙන් අසාදු ලේඛන ගත කර ඇති බවයි.
එමන්ම රුසියාව යුක්රේනියානුවන්ට එරෙහි ක්රමානුකූල ලිංගික ප්රචණ්ඩත්වය ක්රියාත්මක කිරීම, ඒ සම්බන්ධයෙන් විමර්ශනවලට බාධා කිරීම්, නිරීක්ෂකයින්ට යුද සිරකරුවන්ට සහ රැඳවුම් භාරයේ සිටින සිවිල් වැසියන්ට ප්රවේශ වීම වැලැක්වීම, ස්ත්රී දූෂණ සහ සමූහ දූෂණය, ලිංගික අවයව විකෘති කිරීම සහ ලිංගික අවයව වලට විදුලි කම්පන යෙදීම ඇතුළු රුසියානු අපයෝජන සිද්ධීන් 310 ක් හේතුවෙන් අසාදු ලේඛන ගත කරන බවයි.
ලොව පුරා, ගැටුම් ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය 2024 සිට තියුනු ලෙස ඉහළ ගොස් ඇති බවත්, එය අතිශයින්ම ම්ලේච්ඡත්වයෙන් සලකුණු කර ඇති අතර කාන්තාවන් සහ ගැහැණු ළමයින් අධික ලෙස ඉලක්ක වී තිබේ.

