රාජ්‍ය සමාගම් 10 ක් විකිණීමට විගණකාධිපති නිර්දේශ කරලා !

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම යටතේ මේ වනවිට රජයට අයත් සමාගම් 10 ක් හඳුනාගෙන තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මෙම සමාගම් 10 නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව, ජනතා පොහොර සමාගම, සීමාසහිත ලංකා සළුසල ලිමිටඩ්, රාජ්‍ය වෙළඳ සංස්ථාපිත තොග සමාගම, සීමාසහිත ලංකා ෆැබ්රික් ලිමිටඩ්, නෝර්ත් සී ලිමිටඩ්, ලංකා සෙරමික් සමාගම, ලංකා සිමෙන්ති සමාගම, සිමෙන්ති සංස්ථාව සහ ලක්දිව ඉංජිනේරු සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට ආණ්ඩුව සූදානම් වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ සැනින් පාඩු ලබන රාජ්‍ය ආයතනය පෞද්ලීකරණය කළයුතු බවට යෝජනා කළ අතර එකී යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීමටද කටයුතු කර ඇත. මෙම ඒකකය යටතේ පාඩු ලබන හා පෞද්ගලීකරණය කළහැකි රාජ්‍ය ආයතන හඳුනා ගනිමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...