මීගොඩ දන්සලක් අසල අනතුරකින් හය දෙනෙක් මරුට. තවත් පිරිසකට තුවාල ! (Update)

මීගොඩ ප්‍රදේශයේ පැවති දන්සලක් අසල පෝලිමේ සිටි පිරිසක් අධික වේගයෙන් පැමිණි කැබ් රථයකට යටවීම හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ අදාළ කැබ් රථය දන්සැලේ පෝලිමේ සිටි පිරිස යටකරගෙන පළායාමට උත්සාහ කර ඇති බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා දරුවකු ඇතුළු තවත් හත් දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදු කළ කැබ් රථයේ රියදුරා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇතැයි අනාවරණය වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...