චෙන්නායිහිදී ශ්‍රී ලාංකික සරණාගත තරුණියක් මෝටර් රථයක ගැටීමෙන් මිය යයි!

රෂිකා හෙන්නායක ජුනි 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චෙන්නායි හි කෝයම්බේඩු ප්‍රදේශයේ පෞද්ගලික මධ්‍යසාරහලක ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් 18 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇති වූ බහින්බස්වීමෙන් අනතුරුව තරුණියන් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදියට යම් කිසි පිරිසක් මෝටර් රථයකින් හිතාමතාම ගැටීමට සැලැස්වීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම කණගාටුදායක සිදුවීමෙන් මියගිය තරුණියගේ මිතුරිය බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

පොලිසිය විසින් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට භාවිතා කළ වාහනය ද අත්අඩංගුවට ගෙන ඇත.

දැනට පලාගොස් සිටින සෙසු පුද්ගලයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශන පවත්වමින් සිටින බව වැඩිදුරටත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...