ඉහළ නඟින භාණ්ඩ මිල අතරේ ඖෂධ මිලත් ඉහළ යයිද?

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ඖෂධ මිල ඉහළ නැංවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සූදානම් වන බව අනාවරණය වේ.

ඒ අනුව ආනයනික මෙන්ම දේශීයව නිෂ්පාදිත ඖෂධ වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කිරීමට අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන්ය.

විශේෂයෙන්ම පාලන මිලක් නියම කර ඇති ඖෂධ වර්ග 60ක් සඳහා මෙම මිල ඉහළ දැමීම ප්‍රධාන වශයෙන් බලපාන බව එහි සභාපතිවරයා පෙන්වා දෙයි.

සියලුම ඖෂධවල මිල ඉහළ නොගියද, විදේශ විනිමය අනුපාතයන්හි සිදුවූ වෙනස්කම් මත පදනම්ව තෝරාගත් ඖෂධ කාණ්ඩ කිහිපයක මිල අනිවාර්යයෙන්ම වැඩි වනු ඇත.

මෙම තීරණය මගින් මෙරට සෞඛ්‍ය සේවා පිරිවැය කෙරෙහි ඇති විය හැකි සෘජු බලපෑම පිළිබඳව මූලාශ්‍රය වැඩිදුරටත් කරුණු පැහැදිලි කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

“ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වීම නිසා සියලුම දේවල්වල අපි දන්නවා මිල වැඩිවීමක් සිදුවෙනවා. ඒ අනුව ඖෂධ මිලත් වැඩිවීමක් මේ තුළ සිදුවීමට පුළුවන්. මේ පිළිබඳව අධ්‍යයනය කරමින් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. අපේ තියෙන්නේ වැඩිපුර ආනයනය කරන ඖෂධ. සියලුම ඖෂධවල මිල වැඩිවෙන්නේ නෑ. නමුත් සමහර ඖෂධවල මිල වැඩිවීමක් සිද්ධවෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...