රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :
හොරණ ප්රදේශයේ රාජ්ය බැංකුවක සිදුවූ රුපියල් කෝටි 3.5 ක මහා පරිමාණ මුදල් කොල්ලයක් පිළිබඳව සැකපිට මේ වනවිට බැංකුවේම සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
සිද්ධිය සිදුවූ ආකාරය සහ ඊට අදාළ අභ්යන්තර පුද්ගලයන්ගේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී මූලික අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
පසුගිය 3 වනදා දහවල් 2:55ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම මුදල් බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබුණි.


