සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන් ජලභීතිකා එන්නත් තොගයක පරිත්‍යාගයක්!

Date:

සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සැම්බියා ශ්‍රී  ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ජලභීතිකා  එන්නත් 1150 ක් පරිත්‍යාග කළහ. මෙම පරිත්‍යාගය සැම්බියාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් එල්මෝ ජයතිලක මහතා සහ රොනී පීරිස් මහතා විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය  අන්වර් හම්දානි මහතා  ශ්‍රී ලංකාවේ සිට  එය සම්බන්ධීකරණය කළේය.

නිර්වේතනික කොන්සල්වරයා සඳහන් කරන පරිදි, සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මින් පෙර ද සිය  පුද්ගලික පරිත්‍යාග වශයෙන් ඩොලර් 10,000 ක පමණ වටිනාකමින් යුත් ඖෂධ පරිත්‍යාග කොට ඇත.

ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2022 සැප්තැම්බර් 12 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...