රුසියානු කසාන් සිනමා උළෙලේ හොඳම නළුවා තිරිමාදුර – කොතලාවල

Date:

පසුගිය 11 වැනිදා රුසියාවේදී පැවති කසාන් මුස්ලිම් සිනමා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ‘ද නිවුස්පේපර්’ සිනමා පටය සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙවර සිනමා උළෙල පැවැත්වුනේ 18 වැනි වරටයි.

එහිදී සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට නිවුස්පේපර්හි රඟපෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල සමත් විය. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේද ඔවුන් දෙදෙනායි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ ඩබ්. ප්‍රේමසිරි සම නිෂ්පාදනයක් ලෙස ‘ද නිවුස්පේපර්’ නිර්මාණය කෙරිණි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සම්මාන උළෙල සඳහා සහභාගි වූ අතර ඒ අනුව හොඳම නළුවාට හිමි සම්මානය කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ලබාගෙන තිබේ.

මීට පෙරද මෙම සිනමා පටය විදේශ සිනමා උළෙල කිහිපයකදී ඇගයීමට පාත්‍ර විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...