කවියක් ලියන්න බය වෙන්න

විෂ වායුවක් පිපිරිලා හාත්පස පරිසරේ
මං නොදැන එළියට බැස්සේ
ගෑස් මාස්ක් දාගෙන ගෑනු, පිරිමි හැමෝම
ඒ අය බලන්නෙම මගේ දිහා
ජීවත් වීමේ දැඩි ආසාවෙන් පීඩිත ඒ අයගෙ ඇස්
මගේ ඇස්වල හැපිලා දෙකට කැපිලා ගියා
“මෙහෙම වෙලාවක කවුද එළියට බහින්නෙ?”
කවුද මගෙන් ඇහුවා, කාරුණිකව
ඒත් එයා කොහොමද කතා කළේ?
ගෑස් මාස්ක් දාගෙන කොහෙන්ද කතා කරන්නෙ?
වියවුල් මනසින් මං කල්පනා කරන්න ගත්තා

පාර මැදකදි මට සනීපයක් දැනුණා
මං පියෑඹුවා ආකහේ මුදුනටම
“අත්තටු ඇවිල්ලද මට?”
කාගෙන්දෝ මම ඇහුවා, මිමිණිල්ලෙන්
“තමුන් මැරිලා.”
කවුදෝ සන්සුන්ව කිව්වා

මේ පියෑඹීම ගේන සනීපය!
ඒක බෑ ඇවිදීමෙන් ගන්න
ඒක බෑ දිවිල්ලෙන් ගන්න
“මැරෙන්නද හදන්නෙ?”
කවුදෝ එහෙමත් ඇහුවා
මං අහසට නඟින්න මොහොතකට පෙර
ඒත් තමුන්ලට අමතකද?
විෂ වායුවක් දගර ගමනින් යනවා
අහළ-පහළ හැම තැනම
තව ඩිංගෙන් ඔහේලත් මැරෙන්න ඉඩ තියෙනවා

මට අමතක වුණ තව වැඩක් තියෙනවා
පහළට එන්න-අත්තටු නවත්තන්න
මෝඩ උත්සාහයක මම
මට කවියක් ලියන්න තියෙනවා
නෑ, මට කවියක් ලියන්න බය හිතන්න තියෙනවා

විෂ වායුව
මට අත්තටු දෙනවා
පියාඹන්න පියාඹන්න, කුරුල්ලෙක් වෙන්න
කවි; ඒවා ලියන්න බය වෙන්න!!
මරණෙන් පස්සෙත් මං කියා හිටිනවා
බය වෙන්න!!

~ කාංචනා අමිලානි කරුණාමුනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...